දේශීය පුවත්
ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැකවරණය ලබන ළමුන් ගණන ඉහළට
ස්වේච්ඡා සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන ගනු ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථාන 356ක නේවාසික රැකවරණය ලබන ළමුන් ගණන 9190ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පැවසුවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ දත්ත වලදී මේ බව හෙළි වූ බවයි.
මෙය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයෙන් ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ විදී ළමුන් සඳහා රුපියල් 5000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලැබුවා.
මේ අනුව එම දරුවකුගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිරි කිරීම සඳහා රුපියල් 2000ක සහ අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙක් සුබසාධන වියදම් වෙනුවෙන් ආයතන කළමනාකාරීත්වයට රුපියල් 3000ක් ලෙස වෙන් කර තිබෙනවා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ එම ක්‍රියාවලිය නියාමනය ඇතුළු සියලු කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කරන බවයි.
