සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රතන හිමි අත්අඩංගුවට ගන්න ගිය පොලිස් කණ්ඩායම හිස් අතින් එයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා හිමිනම වැඩ වාසය කරනු ලබන බව පැවසෙන ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයකට පොලිස් කණ්ඩායම් කිහිපයක් ගොස් ඇති බව වාර්තා වනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම හිමිනම අදාළ අවස්ථාවේ එහි නොසිටි බවයි.

අපේ ජනබල පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කළ හිමිනමක පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාගත් බව පැවසෙන සිද්ධියක් සම්බන්ධව හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට එරෙහිව එම පක්ෂයේ මහලේකම් බව කියන හිමිනමක විසින් පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයට සිදුකර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායමක් කීපයක් අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයට ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසනවා.

Tags