දේශීය පුවත්
අහ්මදාබාද් ගුවන්යානා අනතුර ගැන ජනපති ශෝකය පළකරයි
ඉන්දීය ගුවන් යානා අනතුර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X සටහනක් තබමින් ශෝකය පළකර තිබෙනවා.
ඔහුගේ සටහනේ දැක්වෙන්නේ මෙම ශෝකජනක අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් ඉන්දියාව වෙත සහෝදරත්වය පළකරන බවත් මියගිය අය වෙනුවෙන් ශෝකය පළකරන බවත්ය.
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ ගුවන් යානයක් අද (12) පස්වරුවේ එම ගුවන්තොටුපොළ ආසන්නයේ දී කඩා වැටී අනතුරට ලක්වුණා.
ගුවන් ගත වී මිනිත්තු දෙකක් තරම් සුළු කාලයකදී අඩි 625ට ඉහළ අහසේ සිට යානය කඩා වැටුණු අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
