දේශීය පුවත්
අපවත් වී වදාළ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි හිමිපාණන්ගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වා තිබෙනවා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැනපත් කර තිබෙන අස්ගිරි මහා විහාරයීය අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමි අනුස්මරණ ශාලාව වෙත ඊයේ (22) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක් වූ අතර අස්ගිරි විහාර පාර්ශ්වීය මහා සංඝරත්නය වෙත සිය සාතිශය සංවේගය පළ කළා.
පසුව ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡාවක ද නිරත වුණා.
