දේශීය පුවත්
ජනපති නැවත දිවයිනට
ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්වූ විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.
අද (15) උදෑසන 08.58 දෝහා සිට පැමිණි කාටර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණා.
මේ මස 11 වනදා සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජර්මනියේ නිල සංචාරයක නිරත වූ අතර ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් – වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුවයි.
