දේශීය පුවත්
2027 සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාව ක්‍රියාත්මක වේ
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ, 2027 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට යන බවය.
ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු අනුකමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මෙම තීරණය ප්‍රකාශ කළේය. ඇය සඳහන් කළේ, පූර්ව ළමාවිය විෂයමාලා රාමුව සම්පූර්ණ කර අවසන් වී ඇති අතර, 19,000කට ආසන්න පෙරපාසල් ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහනක් 2025 නොවැම්බර් 25 දින ආරම්භ කරන බවය.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් වසා දැමීමක් නොව, ඒවා ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන අතර, මෙය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය සහ සැමට සම අවස්ථා ලබාදීම සඳහා සිදු කරන බවය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූහ.
