සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිසගෙන් පොලිස් කණ්ඩායම් තුනක් ප්‍රශ්න කරයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුලු අනෙකුත් අපරාධකරුවන් හය දෙනා මේ වන විට පොලිස් කණ්ඩායම් තුනක් විසින් විමර්ශනයට ලක් කර ඇත.

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී මෙරට පොලිස් කණ්ඩායම සහ නේපාල පොලිසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් අතර, ශ්‍රී ලංකා ගුවන් යානයකින් රටට රැගෙන ආවේය. ඔවුන් විශේෂ ආරක්ෂාවක් යටතේ අදාළ අපරාධ කොට්ඨාස වෙත භාර දෙන ලදී.

ඒ අනුව,
ඉෂාරා සෙව්වන්දි, “ඩුප්ලිකේට් ඉෂාරා” හෙවත් තක්ෂි, “ජේ.කේ. බායි” සහ “ජැෆ්නා සුරේෂ්” කොළඹ අපරාධ කොට්ඨාසයටද,
“ගම්පහ බබා” බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයටද,
“නුගේගොඩ බබී” බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයටද භාර දෙන ලදී.

ඉෂාරා සෙව්වන්දිගේ විමර්ශනවලදී ඇය සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ වැදගත් තොරතුරු හෙළි කරමින් සිටී. පොලිසිය මේ තොරතුරු පරීක්ෂා කරමින්, ඝාතන සැලැස්ම පිළිබඳ නව පරීක්ෂණ අදියරක් ආරම්භ කර ඇත.

Tags