සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි

අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සඳහන් කළේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් මෙලෙස අවලංගු කර ඇති බවයි.

2025.08.24 දින අවලංගුවන දුම්රියන්

01. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.15 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8319 දුම්රිය

02. මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව.12.10 ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 8788 දුම්රිය

2025.08.24 දින ආරම්භක වෙලාව සංශෝධනය කර ධාවනය කරන දුම්රියන්

01. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8327 සමුද්‍රදේවී දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයෙන් පැය 1ක් පමණ ප්‍රමාදකර පෙ.ව.06.30 ට ගමන් ආරම්භ කිරීම.

02. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.04.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8320 දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08.50 ට ගමන් ආරම්භ කිරීම.

මීට අමතරව අද කොළඹ කොටුවෙන් ප.ව.07.30ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට නියමිතය.

Tags