සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ටිරාන් අලස් CIDයට කැදවයි!

2023 වසරේ දෙසැම්බර් 31 මාතර වැලිගම W15 හෝටලය අසලදි සිදුවූ වෙඩිතැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා.
 
ඒ හෙට (31) දිනයේදීයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්යවරයා තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත මෙලෙස ප්රකාශයක් සටහන් කරගැනීමට නියමිත අතර එවකට පොලිස්පතිවරයාව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
Tags