සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

තිස්සමහාරාම පොලීසියේ සොරාගත් ජීප් රථය හමුවෙයි

සොරාගත් තිස්සමහාරාම පොලීසියේ ජීප් රථය සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දමා ගොස් තිබියදී හමුවූ බවයි.

ජීප් රථය සොයා ගන්නා අවස්ථාවේ දී එහි එන්ජිම නතර කර තිබී ඇති බවත් ජීප් රථයේ යතුර යතුරු කටේ තිබී ඇති බවත් පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

එම ප්‍රකාශකයා කියා සිටියේ ජීප් රථය සොරාගත් ස්ථානයේ සිට කිලෝ මීටර් දෙකක පමණ දුරක එය දමා ගොස් ඇති බවයි.

ජීප් රථය සොරා ගත්තේ කවුරුන්දැයි මේ දක්වා තොරතුරු හෙළිව නොමැති අතර ඒ සම්බන්ධව විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එන්ජිම පවා ක්‍රියාත්මකර ජිප් රථය මහ මග දමා ගිය එහි රියදුරු සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමටද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

Tags