දේශීය පුවත්
ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනයේ වර්ධනයක්
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස සිට මේ දක්වා යතුරුපැදි ඇතුළු වාහන 73400 අධික වාහන ප්‍රමාණයක් ලියාපදිංචි කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ මෙලෙස ලියාපදිංචි කළ වාහන අතුරින් වැඩිම ගණනක් යතුරුපැදි වන අතර එම ගණන 58947ක් බවයි.
මීට අමතරව මෝටර් රථ 7500ක් සහ ත්‍රිරෝද රථ 1666ක් ද ලියාපදිංචි කර තිබෙනවා.
ඉන් වැඩිම ගණනක් ලියාපදිංචි කිරීම පසුගිය මාස තුළ සිදුවූ බවද වාර්තා වනවා.
