සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වාහන ආනයනය කරන්නේ පවතින සංචිතවලින් නොවෙයි – ධනනාත් ප්‍රනාන්දු

වාහන ආනයන පිළිබඳව මේ වන විට නැවත වරක් සාකච්ඡාවට බඳුන් වී ඇති බැවින් වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට තුළ පවතින විදේශ සංචිතවලින් නොවන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු සඳහන් නරන්නේ මෙරටට ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදි රට තුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය භාවිත කර ආනයනය සිදු නොකරන බවත් ඒ සඳහා භාවිත කරනු ලබන්නේ අපනයනය කර ලබා ගත් මුදල්වලින් බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“අපි නිතරම ජනතාව දැනුවත් කරන දෙයක් තමයි සංචිතවලින් නෙමෙයි ආනයනය කරන්නේ. සංවිතවලින් ආනයනය කරනවා නම් අපේ සංචිත ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නෑ ආනයනය සඳහා. මොකද අපේ සංචිත තියෙන්නේ දළ වශයෙන් අමෙරිකානු ඩොලර් 6.6ක් විතර නමුත් අපි වසරකට ආනයනය කරනවා දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ නිසා සංචිතවලින් ආනයනය කිරීමක් සිදුවෙන්නේ නෑ.

මේ ප්‍රශ්නය ගොඩක් වෙලාවට එන්නේ වාහන ආනයනයත් සමග. වාහන ආනයනයේදී සංචිතවලින් නෙමේ වාහන ආනයනය සිදුවෙන්නේ. වාහන හෝ වෙන ඕනෑම භාණ්ඩයක් ආනයනය කරන්නේ අපි අපනයනය කරලා ලබා ගන්න මුදල්වලින් සහ අපිට සංචාරක කර්මාන්තයේ සේවාවන්වලින් ලැබෙන මුදල්වලින් සහ අපේ විදේශ ප්‍රේෂණවලින්. ඒ නිසා කිසියම් ආනයනයක් සිදු වෙනවානම් ඒ ආනයනය සංචිත හරහා සිදුවෙන්නේ නෑ.

නමුත් අවශ්‍යනම් සංචිත හරහා සිදුකරන්න පුළුවන්. නමුත් එය එසේ සිදු කිරීමේ අවශ්‍යතාවයක් නෑ.”

Tags