දේශීය පුවත්
වාලච්චේන ගැන ඇමති හඳුන්නෙත්තිගෙන් සුබවාදී පුවතක්
වාලච්චේන කඩදාසි කම්හල අද වන විට ලාභ ලබමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ මහතා පෙන්වා දෙන්නේ සමාගම විසින් ලබාගෙන තිබූ පැරණි ණය ගෙවා අවසන් කර නිෂ්පාදන යන්ත්‍රයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
ඊට අමතරව පාසිකුඩා නගරය ආශ්‍රිතව විශේෂ සංචාරක මධ්‍යස්ථානයක් සකස් කිරීමට ද සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
