දේශීය පුවත්
ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන ආ යෙවාන් ඩේවිඩ්
ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරඟාවලියක තෙවන අදියරයක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව තිබෙනවා.
ඔහු දැනට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරඟ වැදෙමින් සිටින අතර එහිදී මේ දක්වා ජයග්‍රහණය හතරකට හිමිකම් කියනු ලබනවා.
තවද 2024 දී යුරෝකප් 3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරඟ වැදී තිබෙනවා.
F3 අදියරට උසස් වීම සම්බන්ධව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තම රටෙන් ශූරතාවලියට තරඟ කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත් ඒ සඳහා අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.
ඒ අනුව 2026 වාරය සඳහා AIX රේසිං සමග අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබෙනවා.
