සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දහම් පාසල් ගුරුවරුන්ට දීමනාවක්

දහම් පාසල් ගුරු භවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇදුම් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අනුව වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පුර්ණ කරන ලද ගුරු භවතුන් ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දීමනාවක් ලෙස රුපියල් 7500ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

මෙම තීරණය 2026 වසරේ සිට ඉදිරියට බෞද්ධ හින්දු ඉස්ලාම් ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල ක්‍රියාත්මක වනවා.

දහම් පාසල්වල සේවය කරන ගුරු භවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ සහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස මෙම තීරණය ගෙන තිබෙනවා.

Tags