විදෙස් පුවත්
බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙක් දිවි බේරෙයි
මඟීන් 200 කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් අද (12) පස්වරුවේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මඟියෙකු දිවි බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අනතුරින් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට අහිමි වූ බවයි.
කෙසේ නමුත් එම ගුවන් යානයේ 11A ආසන්නයේ සිටි මගියා මේ වන විට දිවි බේරාගෙන තිබෙනවා.
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ ඉන්දීය සම්බවයක් ඇති විශ්වාෂ් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.
ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ තිබෙනවා.
විශ්වාෂ් සිය සහෝදරයා වන සමඟ නැවත එක්සත් රාජධානිය වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඔහු අහ්මදාබාද් අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සිය දිවි බේරාගත් විශ්වාෂ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ “ගුවන් ගතවී තත්පර තිහකට පසු විශාල ශබ්දයක් ඇති වුණා. ඒ සමග යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදුවුණා”
කෙසේ නමුත් ඔහුගේ පපුවේ, ඇස්වල සහ පදවලට තුවාල සිදුව තිබෙනවා.
