සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

සටන් විරාම ගිවිසුම කඩකර කරමින් ඉරානයෙන් ඊශ්‍රායලට මිසයිල ප්‍රහාරයක්

ඉරාන ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩකර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන කාල සීමාවේදී ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවයි.

සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ ඉරානය සිදුකළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සුදානම් බවද ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් කියා සිටියේ මේ අනුව ඉරානය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමට එරෙහිව ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන ලෙස තමා ඊශ්‍රායල හමුදාවට උපදෙස් දුන් බවයි.

Tags