විදෙස් පුවත්
ඊලෝන් මස්ක්ගෙන් නව පක්ෂයක්
අමෙරිකන් පාටි ලෙස නව පක්ෂයක් පිහිටුවන බව ඊලෝන් මස්ක් තර්ජනාත්මකව පවසා තිබෙනවා.
මේ දිනවල අමෙරිකානු සෙනෙට් සභාවේ විවාදයට ගැනෙමින් ඇති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව විසර්ජන පනතක් වන වන් බිග් බියුටිෆුල් බිල් (One Big Beautiful Bill) නම් කෙටුම්පතට විරෝධය පළකරමින්.
සුබසාධන වියදම් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.5කින් කප්පාදුකර හමුදා වියදම් කැපී පෙනෙන ලෙස ඉහළ දැමීම යෝජිත කෙටුම්පතේ අරමුණ වනවා.
ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ගෝලීය ආධාර කපා හැරීමට ගත් තීන්දුව හේතුවෙන් ඉදිරි පස් වසර තුළ අමතර මරණ මිලියන 14ක් සිදුවිය හැකි බව ලැන්කැස්ට් සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය කර තිබුණා.
එම මරණ අතරට වයස අවුරුදු 5ට අඩු ළමයින් මිලියන 4.5ක් එනම් වසරකට ළමයින් ලක්ෂ 7ක් පමණ මියයනු ඇතැයි එම වාර්තාවෙන් ගණන් බලා තිබූ බව සඳහන්.
2001 සිට 2021 අතර වසර 20ක කාලය තුළ දියුණු වෙමින් පවතින රටවල් 133ක සිදුවූ USAID වැඩසටහන් යටතේ මිනිසුන් මිලියන 91කගේ ජීවිත ආරක්ෂා වී ඇති බව වාර්තා වනවා.
එම වැඩසටහන යටතේ සිදුකළ මානුෂීය ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කර තිබුණු සමස්ථ ආධාරවලින් 80%කින් කප්පාදු කිරීමට පසුගිය මාර්තු මසදී ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ ඊලෝන් මස්ක්ගේ ඩොජ් වැඩසටහන යටතේයි.
