සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ලන්ඩන් නුවරට ආසන්නයේ දී ගුවන් යානයක් කඩා වැටෙයි

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එංගලන්තයේ ලන්ඩන් නුවර සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (13) සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත කුඩා ගුවන් යානයක් මද වෙලාවකට පසු මෙලෙස කඩා වැටි ගිනිගෙන ඇති බවයි.

පොලීසිය හදිසි සේවා සහ ගුවන් අනතුරු විමර්ශකයින් අනතුර සිදුවූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදු කරන බවද එරට වාර්තා පෙන්වා දෙනවා.

අනතුරින් තුවාල ලැබුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

තුවාල ලැබූ ගණන පිළිබඳව කිසිඳු තහවුරු කිරීමක් නොමැති අතර මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත් SUZ1 වර්ගයේ ගුවන් යානයක් බව සඳහන්.

Tags