විදෙස් පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙඩ වෙලා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවට ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් ප්‍රකාශ කරනවා.
ඇය මෙම කරුණු හෙළි කළේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය පිළිබඳව ධවල මන්දිර වෛද්‍යවරයා ලබාදුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ උපුටා දක්වමින්.
79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දක්නට ලැබෙන අතර අත්වල තැලීම් වැනි පැල්ලම් නිරීක්ෂණය වී තිබෙනවා.
මේ අනුව ඇමරිකානු ජනාධිපතිවරයාව වෛද්‍යවරුන් විසින් පරීක්ෂණයකට ද යොමු කර ඇති බවද ධවල මන්දිර ප්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියා.
