විදෙස් පුවත්
ඉන්දියාවේ ජාතික නිදහස් දිනය අදයි
ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය අදට (15) යෙදී තිබෙනවා.
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව 1947 වසරේ අද වැනි දිනක නිදහස ලබාදී ඇත.
මේ වෙනුවෙන් ඉන්දීය රජය මෙවර පවත්වන විශේෂ රාජ්‍ය උත්සවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගීත්වයෙන් නවදිල්ලියේ රතු බළකොටුවේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මෙම රාජ්‍ය උත්සවයේ දී සින්දුර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට මුල් තැනක් ලබාදී ඇති අතර මේ වෙනුවෙන් එම මෙහෙයුමට දායක වූ කිහිප දෙනෙක් වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට එක් කිරීමට ද නියමිතයි.
