සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රාගම – කඳාන – වත්තල ප්‍රදේශවල කළ හදිසි මෙහෙයුම

රාගම කඳාන සහ වත්තල යන ප්‍රදේශවලට හදිසියේම හමුදාව සහ පොලීසිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී කාලයේ දී අදාළ ප්‍රදේශවල තහවුරු කරමින් මෙලෙස යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව සියලු මාර්ගවල ගමන්ගන්නා රථවාහන සහ පුද්ගලයන් පරික්ෂා කිරීම සිදුකර ඇති බව වාර්තා වනවා.

පසුගිය 03 වනදා එම ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වුණා.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් සාමාන්‍ය මඟී ජනතාවට ද තුවාල සිදුව තිබුණා.

මේ හේතුවෙන් මෙම ප්‍රදේශවල හදිසි පරීක්ෂා ඇතුළු සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන තිබූ බව වාර්තා වනවා.

Tags