විදෙස් පුවත්
විරෝධතා මැඩපැවැත්වීමට ට්‍රම්ප් තවත් ආරක්ෂක භටයින් යොදවයි
සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව විරෝධතාවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයින් 2000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා තිබෙනවා.
ව්‍යාජ අවසර පත් හරහා අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කළා.
ඔහුගේ මෙම තීරණයට එරෙහිව එරට විරෝධතා රැසක් ආරම්භ වුණා.
මේ සමඟ ලොස් ඇන්ජලීස් හි විරෝධතා දැඩි මුහුණුවරක් ගනු ලැබුවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් 2000ක් යෙදවීමට තීරණය කළා.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන අතරතුරද ලොස් ඇන්ජලීස් නගරය පුරා සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවෙන බවයි.
