සොයන්න
උණුසුම් පුවත්

ආර්ථික දියුනුවට

ටෙස්ලා සමාගමෙන් මස්ක්ට වාර්තාගත වේතන පැකේජයක්

ටෙස්ලා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කොටස් හිමියන් විශාල වාර්තාගත මුදලක් ලෙස සලකන බිලියන 56ක (පවුම් බිලියන 43.9) වේතන පැකේජයක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට ප්‍රදානය කිරීමට අනුමත කර තිබේ. 2023 ජනවාරි මාසයේදී, ඩෙලවෙයාර් හි විනිසුරු කැතලින් මැකෝමික් මෙම පැකේජය අසාධාරණයක් ලෙස පිළිගත් අතර, මස්ක්ගේ බලපෑමට යටත් වූ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් එය සකස් කරන ලද බව සඳහන් කළේය.  නමුත් දැන් ටෙස්ලා ආයතනය හා කොටස් හිමියන් මස්ක්ගේ නායකත්වය යටතේ ලැබූ සාර්ථකත්වය පිළිගෙන ඔහුට මෙම වටිනා පැකේජය ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.

මේ මුදල ඊලොන් මස්ක් සතු ටෙස්ලා කොටස්වල වටිනාකමට අනුව වෙනස් විය හැක. එනම්, ඔහුට  හිමිවන මුදල නිශ්චිත වශයෙන් කොපමණ ද යන්න ටෙස්ලා සමාගමේ කොටස්වල මිල මත රඳා පවතී. ටෙස්ලාගේ වාර්ෂික රැස්වීමේදී මේ ගැන කොටස් හිමියන් ඡන්දය විමසන ලද අතර, ඊට සහභාගි වූ පිරිස ප්‍රසාදයෙන් යුතුව ඡන්දය අනුමත කරන ලදී. අනුමැතියට පත්වීම පිළිබඳව මස්ක් ප්‍රකාශයක් කරමින් “හොට් ඩෑම්, අයි ලව් යූ ගායිස්” යැයි පවසා තිබිණි.

මෙම වේතන පැකේජය එක්සත් ජනපදයේ ඉහළ ම වේතන පැකේජය ලද ආයතන ප්‍රධානියා වෙත ගෙවූ වටිනාකම මෙන් 3,000 ගුණයකට වඩා වැඩි ය. “මස්ක්ට පසුගිය වසර හයේ වැටුපක් ගෙවා නැති නිසා මේ මුදලින් ඔහුව පිළිගන්නවා” යැයි ටෙස්ලා ආයතනය​ පැවසිය. 2019 වර්ෂයේ සිට ඔහුගේ වේතනය මෙලෙස ලබාදීමට නියමිතව ඇත්තේ ටෙස්ලා ලැබූ සාර්ථකත්වය හේතුවෙන්මය​. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ සම්පූර්ණයෙන්ම මෙම පැකේජය ඔහුට​ ලැබෙන්නේ ද යන්න තවමත් සැක සහිත බවය​.

මෙම මුදල සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වී ඇති අතර ටෙස්ලා අධ්‍යක්ෂ මණ්ඩලය මස්ක්ට ඕනෑවටත් වඩා යටහත් පහත්ව සහ සමීපව කටයුතු කළේ ද යන සැකය ද​ මතු වී ඇත.

ජනවාරි මාසයේ අධිකරණ නිගමනය අනුව, මෙම පැකේජය අසාධාරණ ලෙස ටෙස්ලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර තිබුණි. එහිදී ඊලොන් මස්ක්ගේ ප්‍රභාවය මත අධ්‍යක්ෂවරුන් ක්‍රියා කළ බවටද චෝදනා එල්ල විය.

කෙසේ වෙතත්, මස්ක්ගේ ජයග්‍රහණයක් ලෙස මෙම විශාල වේතන පැකේජය සලකනු ලබන අතර, ඔහු කොටස් හිමියන්ගෙන් ලැබූ කැමැත්ත නිසා තරමක් ශක්තිමත් වී සිටියි. ටෙස්ලා අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස වන්නේ මස්ක්ගේ නායකත්වය යටතේ සමාගම සිය ඉලක්ක ලැබූ බැවින් ඔහුට මෙම පැකේජය හිමි විය යුතු බවයි. තවද වේතන පැකේජය සමාගමේ ඉදිරි සාර්ථකත්වය වෙනුවෙන් ද අවශ්‍ය බව පැවසේ. 

නමුත් ටෙස්ලාගේ කොටස් මිල පහත වැටීම හා විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්‍රයේ එහි ස්ථානය අභියෝගයට ලක්වීම නිසා මස්ක්ගේ නායකත්වය පිළිබඳ සැක මතු වී තිබේ. විශේෂඥයින් පවසන්නේ අධිකරණය මෙම ඡන්දය වලංගු කරන්නේ ද යන්න අවිනිශ්චිත බවයි. මුළු මුදලෙන් මස්ක්ට කොපමණ ප්‍රමාණයක් හිමිවන්නේද යන්නද තවමත් නිශ්චිත නැත. 

ඡන්ද ප්‍රතිඵලය මස්ක්ට “ඉතා ශක්තිමත් වලංගුභාවයක්” ලබා දෙන එහි විධායක නිලධාරියෙකු විසින් මාධ්‍යයට කරුණු දැක්වීමක් සිදුකර ඇත​. “ඇත්ත වශයෙන්ම, ඒ හැමදේම තනියම නෙවෙයි ඔහු ටෙස්ලා සමාගමේ කරන්නේ. නමුත් අනිවාර්යයෙන්ම න්‍යාය පත්‍රය හදන්නේ ඔහු. යන්න ඕනේ වේගය තීරණය කරන්නෙත් ඔහු. වැඩ කරන්න ලැබෙන අධිෂ්ඨානශීලී පුද්ගලයෙක් ඔහු. ඒකෙ ආයෙත් සැකයක් නැහැ.

එතකිනුදු නොනැවතී ටෙස්ලා සමාගමේ විධායක නිලධාරීන් සමාජ මාධ්‍ය පෝස්ට්වල මෙම පැකේජයට සහය පළ කරමින් කියා සිටියේ, සමාගමේ සාර්ථකත්වය සඳහා මස්ක් තීරණාත්මක සාධකයක් වූ බව ය. නීතිමය අභියෝගයක් සම්බන්ධයෙන්, Obermayer Rebmann Maxwell & Hippel නීති සමාගමේ කළමනාකාර හවුල්කරු මැතිව් ෂපීරෝ පෙන්වා දෙන්නේ මෙම නව කැමැත්තෙන් නීතිවේදීන් ලබා දුන් තීන්දුවේ කිසිදු වෙනසක් ඇති නොවන බවයි.

නීතිමය විශේෂඥයන් පවසන්නේ, මීට පෙර අධිකරණයෙන් අවහිර කළ පැකේජය නැවත සම්මත කිරීමට සමාගමට අවස්ථාව ලැබෙන්නේද යන්න සම්පූර්ණයෙන්ම අවස්ථා විභාගයක් වන බවයි. ටෙස්ලා අධ්‍යක්ෂ මණ්ඩලය මස්ක්ට වඩාත් යටහත් වී ක්‍රියා කළ බවටද චෝදනා එල්ල වී ඇත. මේ අතර, ටෙක්සාස්හි පිහිටි ටෙස්ලා සමාගමට ගොස් තමන් වෙනුවෙන් පක්ෂව ඡන්දය ලබා දුන් කොටස් හිමියන් කිහිප දෙනෙකු හමුවන බවට මස්ක් පොරොන්දු විය.

ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක (පවුම් බිලියන 43.9) වටිනාකමකින් යුත් මෙම වේතන පැකේජය, මස්ක්ගේ නායකත්වයට සහ සමාගමේ ඉදිරි කටයුතු සඳහා විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. කෙසේවෙතත්, මෙය​ ඔහුගේ පුද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව, සමාගමේ අනාගතයට ද​ වැදගත් වන තීරණයක් ලෙස සැලකිය යුතුය. අධිකරණ නීති කටයුතු අභියෝගයට ලක්වී තිබියදීත්, කොටස් හිමියන්ගේ සහාය ලබා දීම සහ අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් ලබා දී ඇති විශ්වාසය මස්ක්ගේ නායකත්වය පිළිබඳව වන ඇගයීමක් ය​.

 

Tags