සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ජාතික ආරක්ෂාවට කිසිඳු ප්‍රශ්නයක් නෑ – ආරක්‍ෂක ලේකම්

ජාතික ආරක්ෂාවට මේ වන විට කිසිඳු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින්.

පාතාලය කිසි විටෙක ජාතික ආරක්ෂාවට සෘජුව පිළිබඳව නොවන දෙයක් බවට එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරමින් තිබෙන බවද ඔහු මෙහිදී පැවසුවා.

“ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ. ඔයාට අද මෙතෙනට එන්න පුළුවන් වුණානේ කිසිම කරදයක් නැතුව. පාතාලය කියන්නේ, ජාතික ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ දෙයක් නෙමෙයි නේ. ඒක මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරනවා. ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන, පොලීසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබාදෙනවා. ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. පාතාලය කැලඹිලා තියෙනවා. පාතාලය කැලඹෙන්න ඕනේ. මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා පාතාලය කැලඹිලා. පාතාල ක්‍රියාකාරකම්වල නියැලෙන අය අත්අඩංගුවට පත්වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊට නීතිමය රාමුව තුළ සීමාවන් තුළ අපි ලබාදෙනවා.”

ප්‍රශ්නය – හැමදාම වෙඩි පත්තු වෙන්නේ පාතාලයට දේශපාලන රැකවරණයක් නැති නිසා ද ?

“ඔව් ඒකත් හේතුවක්. පාතාලය ඇතුළේ කැලඹීම් වෙලා තියෙනවා. ඒකෙන් ඔවුන්ට බාධා ඇති වෙලා තියෙනවා ඒ නිසා වෙඩි පත්තු වෙනවා. එහෙම තමා”

Tags