සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ගැටුමකින් පහර කෑ සිසුන් 4ක් රෝහලට

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙක් ඇතුළු පස්දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (14) රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මුලික පරීක්ෂණවලින් හෙළිව තිබෙනවා.

තුවාලකරුවන් අතර රියදුරෙකු සිටින අතර ඔවුන් ඔලුවිල් දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

ඊට පෙර ද එම විශ්ව විද්‍යාලයේ නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් සිසුන් 22කගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණි.

Tags