සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කිළිනොච්චියේ ඉඩමකින් මෝටාර් උණ්ඩ 40ක් සොයා ගැනේ

කිළිනොච්චිය, මුහමාලෙයි, පොත්තර් කුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉඩමක තිබී මෝටාර් උණ්ඩ 40ක තොගයක් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලීසිය අනුව, ඊයේ (14) දින ඉඩම් හිමියෙකු තම වගාවන් සඳහා ඉඩම සකස් කිරීමේදී මෙම උණ්ඩ දැක පලෙයි පොලීසියට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව, කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් එම ස්ථානය පරීක්ෂා කළ අතර එහිදී මෝටාර් උණ්ඩ 40ක් සොයා ගෙන ඇත.

ප්‍රදේශවාසීන් පැවසූවේ මෙම පුපුරණ ද්‍රව්‍යය, යුද්ධ කාලයේදී බිම් බෝම්බ නිෂ්ක්‍රීය කර නැවත පදිංචි කළ ප්‍රදේශයක තිබී හමුව ඇති බවය.

අධිකරණ නියෝග මත සොයාගත් උණ්ඩ තොගය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළාය. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Tags