සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

2025දී ඩෙංගු රෝගීන් 40,633ක් – මරණ 22ක්

2025 ජනවාරි සිට ඊයේ (20) දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 40,633ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජාව වෛද්‍ය විශේෂඥ ප්‍රෂීලා සමරවීර මහත්මිය සඳහන් කලේය.

වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ වන අතර, වැඩි අවදානමක් ඇති දිස්ත්‍රික්ක 11ක් හඳුනාගෙන ඇත. ඒවා අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල ඇතුළත් වේ.

එම කාලය තුළ මරණ 22ක් වාර්තා වී ඇති අතර වැඩිම මරණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

වෛද්‍යවරිය සඳහන් කළේ, මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථාන ලෙස පාසල්, රජයේ ආයතන, ආගමික ස්ථාන සහ අතහැර දමා ඇති ඉඩම් සහ ගොඩනැගිලි හඳුනාගෙන ඇති බවයි. එබැවින්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීමේ කටයුතු දැන්ම ආරම්භ කිරීමට වෛද්‍යවරිය මහජනතාවට ඉල්ලා සිටී.

ඊට අමතරව, උණ දින දෙකකට අධික කාලයක් පවතින අය සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් වෛද්‍යවරිය අවධාරණය කරයි.

Tags