සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට

බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතා මේ අනුව එහි නගරාධිපතිවරයා ලෙස පත්ව ඇති බව සඳහන්.

ඔහු නගරාධිපතිවරයා ලෙස පත්වීමට අද (011) පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 4ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් හිමි වූ අතර ස්වාධීන කණ්ඩායම් අංක 1 සඳහා මන්ත්‍රී ධූර 5ක් හිමි වුණා.

සමඟි ජන බලවේගය සඳහා එම මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 3ක් හිමි වූ තිබුණා.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම් 2කට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවිය.

Tags