දේශීය පුවත්
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයෙන් පිටතට
විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් රැසක් අද (17) දහවල් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට ගොස් තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ කථානායකවරයාගේ පක්ෂක්ග්‍රාහී හැසිරීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු සභාගර්භයෙන් පිටතට ගිය බවයි.
සභා ගර්භයෙන් පිටතට යාමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වනවා.
ඒ අනුව අද (17) දිනය තුළ සභාගර්භයට නැවත නොයෑමට මෙම පිරිස තීරණය කර ඇති බවද සඳහන්.
