සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

විදේශ රැකියාවලට පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා අඩු මිලට ගුවන් ටිකට්පත් කවුලුවක්

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා පුරවැසියන්ට සහනදායි වියදමින් ගුවන් ටිකට්පත් ලබාදීම සඳහා නව කවුලුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ විවෘත කර ඇත.

විවෘත කිරීමේ උත්සවයට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබේ. මෙම කවුලුව හරහා, සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා අඩු මිලට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට හැකි අතර, ලොව ඕනෑම රටකට රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයින්ට මෙම පහසුකම ලබා දේ.

ඉන්පසු උත්සවයට විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස් යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක සහ ආයතනයේ සාමාන්‍යාධිකාරී ප්‍රසාද් ගලප්පත්ති ඇතුළු මහත්මරුන් සහභාගී වී ඇත.

Tags