සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පොලීසියෙන් නව විමර්ශන අංශයක්

අපරාධයකින් උත්පාදිත දේපල සම්බන්ධව විමර්ශන කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය අලුත් විමර්ශන අංශයක් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අපරාධයකින් උත්පාදිත දේපළ සම්බන්ධ පනතට අනුව මෙම විමර්ශන අංශය ආරම්භ කිරීමට නියමිත බවයි.

අද (23) පැවැති විශේෂ පොලිස් මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

PCID හෙවත් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ට්ථාශය ලෙස මෙම අංශය නම් කර තිබෙනවා.

ආරම්භ කිරීමට නියමිත මෙම නව විමර්ශන අංශය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සුදානම්ව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසුවා.

මේ අතර විශේෂ මෙහෙයුම්වලින් මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපල බිලියන 4.5ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අතරට ගොඩනැගිලි, නිවාස, වාහන, ඉඩම්, ස්වර්ණාභරණ, බෝට්ටු සහ මුදල්වලින් රුපියල් මිලියන 57ක් බවද සඳහන්.

මෙම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර තිබෙනවා.

Tags