සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

2027 වසරේ සිට අලුත් බද්දක්

2027 වසරේ සිට දේපොළ බද්දක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එම බදු ක්‍රමවේදය 2027 වසරේ පළමු කාර්තුවේ දී හඳුන්වා දීමට නියමිතයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගියදා ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රකාශයට පත්කළ සිය කාර්ය මණ්ඩල වාර්තාව මඟින් මේ සම්බන්ධව දැනුම් දී තිබෙනවා.

මෙම නව දේපොළ බද්ද පැනවීමට අවශ්‍ය මුලික ක්‍රියාමාර්ග මේ වන විට ආරම්භ කර ඇති අතර දත්ත එක්රැස් කිරීමේ කටයුතුවල යම් ප්‍රමාදයක් පැවතිය ද සැප්තැම්බර් මස වන විට එම කටයුතු අවසන් වනු ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

දේපොළ වටිනාකම තක්සේරු කිරීම සහ බදු ගණනය කිරීම සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිත අතර 2026 වසර අවසන් වීමට පෙර ඊට අදාළ දත්ත සියල්ල සකස් කර අවසන් කළ යුතු බව එම වාර්තාවේ සඳහන්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2027 වසරේ දී මෙම නව බද්ද බලාත්මක කිරීම සඳහා දේපොළ බදුකරණ ක්‍රම සම්බන්ධව සමගාමී සාකච්ඡා අත්‍යාවශ්‍ය බවයි.

Tags