දේශීය පුවත්
එක්සත් රාජධානිය වෙත තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට සහන පැකේජයක්
ශ්‍රී ලංකාව වැනි සංවර්ධන වෙමින් පවතින රටවලින් සිදු කෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව මේ හැර ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කරන බොහෝ භාණ්ඩ, තීරු බදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව හිමි වනවා.
මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා මෙම නව ක්‍රමයට යාවත්කාලීන කිරීමේ කොටසක් ලෙස එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වඩාත් තරඟකාරී මිල ගණන් යටතේ ආනයනවලින් ප්රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි.
