සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නුවරඑළිය – නානුඔය දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ සුදානමක්

අතහැර දමා ඇති නුවරඑළිය නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ එම දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී එම කාර්ය සිදුකරන බවයි.

සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු කියා සිටියේ ඊට අමතරව නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට ඉදිරි අයවැයෙන් යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි.

දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ(Dream Destination) සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Tags