සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පොලිස් නිලධාරීන්ගේ වත්කම් ගැන විශේෂ පරීක්ෂණයක්

තම ආදායමට වඩා වත්කම් උපයා ගැනීම පිළිබඳව මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීපව ඇසුරු කරන උසස් පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ උපදෙස් මතයි.

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා ඉහළ නිලධාරීන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු වනු ඇති.

මෙම විමර්ශනවලදී හඳුනාගනු ලබන පොලිස් නිලධාරීන් පිළිබඳව අල්ලස් කොමිසමට දැනුම් දීමට කටයුතු කරන අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

Tags