සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ ලැඟුම්හලක සිටි දෙදෙනෙක් ඉලක්ක කර අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙක් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඔවුන් යතුරුපැදියක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පසුව පැමිණිලි කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ගේ ජංගම දුරකථනයක් සහ වෙඩි තැබීමට භාවිතා කළ පිස්තෝල වර්ගයේ ගිනි අවියේ මැගසීනය ද එම ස්ථානයේ තිබී සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධව වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Tags