සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නව යොවුන් වියේ දරුවන් පිළිබඳව​ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් නවතම අනාවරණයක්!

අවුරුදු 10ත් 19ත් අතර පසුවන නව යොවුන් වියේ පාසල් සිසුන්ගේ චර්යා පිළිබඳ දත්ත ලබා ගැනීමේ අරමුණින් සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය විසින් “ගෝලීය පාසල් සෞඛ්ය සමීක්ෂණය” 2024 වසරේදී පවත්වා තිබුණා.
 
එම පරීක්ෂණයේදී දරුවන්ගේ කායික සහ මානසික සෞඛ්ය පිළිබඳව ආන්දෝලනාත්මක කරුණු රැසක් එම කාර්යාංශය විසින් අනාවරණය කරගෙන තිබුණා.
 
අදාළ අනාවරණයන් ලැයිස්තුව පහතින්:
 
අඩු බර සහිත සිසුන් – 21.4%
අධි බර සහිත සිසුන් – 12.1%
ස්ථුලතාවයෙන් පෙළෙන සිසුන් – 3%
ආහාර හිග බව හේතුවෙන් උදෑසන කුසගින්නේ සිටින සිසුන් – 4.3%
 
දැඩිව තනිකමක් දැනී ඇති සිසුන් – 22.4%
සමීප යහළුවන් නොමැති සිසුන් – 7.5%
විෂාදය (Depression) ලක්ෂණ ඇති සිසුන් – 18%
දිවි නසා ගැනීමට තදින්ම පෙළඹුණු සිසුන් – 15.4%
දිවි නසා ගැනීමට සැළසුම් කල සිසුන් – 9.6%
 
දුම්පානය කරන සිසුන් – 5.7%
මත්පැන් පානය කරන සිසුන් – 5.3%
ගංජා භාවිතා කරන සිසුන් 3.2%
 
උසස් හා වෘත්තීය අධ්යාපන අමාත්යංශයේ සෞඛ්ය හා පෝෂණ අංශයේ අධ්යාපන අධ්යක්ෂිකා ගංගා දිල්හානි මහත්මිය සඳහන් කර සිටින්නේ දෙමාපිය දූදරු සබඳතාවය බිඳ වැටීමට ඩිජිටල් උපකරණ හා සමාජ මාධ්ය භාවිතය දෙමාපියන් අතරේ ද ඉහල යාම එක් ආකාරයකින් හේතු පාදක විය හැකි බවයි.
 
මේ අතර පාසල් සිසුන්ගෙන් 63%ක් පාසල් දිනවලදී නිදාගනු ලබන්නේ පැය 08කට අඩුවෙන් බවත් නින්ද අත්යවශ්ය සාධකයක් බැවින් එය ගැටළුකාරී තත්ත්වයක් බවත් වෛද්යවරුන් පෙන්වා දෙනවා.
 
මෙම දත්ත සම්බන්ධයෙන් මෙන්ම අනාගත පරපුර රැකගැනීම වෙනුවෙන් ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අප සියළු දෙනාගේම වගකීමක් වනවා.
Tags