සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

එකපාර සියලු ප්‍රශ්න විසඳන්න බෑ. අපි ඇලඩින්ලා නෙවෙයිනෙ – මන්ත්‍රී සේන නානායක්කාර

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ආණ්ඩුවේ සම්පුර්ණ ශක්තිය මෙතෙක් යොදවා නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) අනුරාධපුර, මහබුලංකුලම ප්‍රදේශයේදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ සඳහා සම්පුර්ණ ශක්තිය යෙදු පසු ඒවා මුලිනුපුටා දැමීමට හැකි වනු ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

“පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය මර්දනය කියන කාරණාව සම්බන්ධව සම්පූර්ණ අපේ ශක්තිය අපි යොදවලා නෑ මේ වෙනකොට.

අපි පැහැදිලිවම ඒ ශක්තිය යොදවන්න පටන් ගත්තාට පස්සෙ මේ මහපොළවේ ඒවා තියෙන්න ඉඩ අරින්නේ නෑ.

දැන් අපිට ලැබුණෙ දෙකොන ඇවිළෙන විලක්කුවක්.

ඒක හින්දා එකපාරට මේ සියලු ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නැහැ අපිට. අපි ඇලඩින්ලා නෙවෙයිනෙ”

Tags