දේශීය පුවත්
උඩරට දුම්රිය ධාවනය ගැන නිවේදනයක්
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර මහනුවර උසාවි සංකීර්ණය ආසන්නයේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන්.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් මහනුවර බලා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරෙන බවයි.
කෙසේ වෙතත් බදුල්ල බලා ධාවනය වන දුම්රිය බාධාවකින් තොරව ගමන් කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
