සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දණ්ඩ නීති සංග්‍රහයේ භෞතික සංශෝධන කෙටුම්පත ගැසට් කිරීමට අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරක දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණින් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.

මේ අනුව ශාරීරක දඬුවම් මඟින් දරුවෙකුට සිදුවන ශාරීරක හා මානසික හිංසනය පුළුල් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.

එබැවින් ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරක දඬුවම් මඟින් හිංසනයට ලක් කිරීම තහනම් කිරීම සඳහා සහ ශාරීරක හිංසනය වෙනුවෙන් දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2024.04.29 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.

මේ අනුව අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකිව නොමැත.

මෙම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Tags