දේශීය පුවත්
එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සාකච්ඡා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමෙන් වන්දි අය කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව පිළිබඳ සාකච්ඡාවක් ලබාදෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නඩු තීන්දුවෙන් නියෝග කිහිපයක් පනවා ඇති අතර, ජනාධිපතිවරයා ඇතුළු පාර්ශ්ව ඒ පිළිබඳ දැනුවත් කර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවයට එළඹීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව පිටු 361 කින් සමන්විත වන අතර, එමගින් නෞකා සමාගමට හා රජයේ ආයතන කිහිපයකට නියෝග කිහිපයක් පනවා තිබෙනවා.
නෞකා අනතුරින් සිදුවූ පාරිසරික හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක වන්දියක් වසරක් තුළ ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට නියෝග කර ඇති අතර, එම සම්පූර්ණ වන්දි මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ද අධ්‍යනය කරමින් සිටින බවයි නීතිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
