සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

කුරුලු ආහාර ගබඩාවෙන් මතු වූ තහනම් යතුරුපැදි

හම්බන්තොට නාගර වැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමකින් යුත් යතුරු පැදි 21 සමඟ එම ගොවිපොළේ කළමනාකරු සහ ගබඩා පාලක අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර සහ මිත්දෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 සහ 50 වියේ පසු වන දෙදෙනෙකි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාට ලද විශේෂ තොරතුරක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද (12) පෙරවරුවේ මෙම වැටලීම සිදු කර තිබුණා.

වැටලීම සිදුකළ අවස්ථාවේ දී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධීව වගාකර තිබූ ගංජා පැල 04 ක් ද සොයාගෙන තිබෙනවා.

Tags