සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දුම්රිය බලවේග කට්ටල 5ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 5ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

තදාසන්න ප්‍රදේශවල මඟී දුම්රිය සඳහා ධාවනයේ යෙදවීමට සුදුසු බලවේග කට්ටල සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැත.

මේ හේතුවෙන් දෛනික ධාවනය කරවනු ලබන දුම්රියන්හි නිරන්තර මඟී තදබදයක් පවතින අතර දැනට ධාවනයේ යොදවනු ලබන බලවේග කට්ටලවලින් වැඩි ප්‍රමාණයක් වසර 20 ඉක්මවා යොදවා ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව මෙම දුම්රිය බලවේග කට්ටල නිරන්තරයෙන් හදිසි ක්‍රියා විරහිතවීම් හා බිඳ වැටීම්වලට ලක් වෙමින් පවතිනවා.

ඒ අනුව මේ තත්ත්වය යටතේ දෛනික දුම්රිය භාවිත කරනු ලබන මඟීන් බොහෝ අපහසුතාවන්ට ලක්වන බව පෙනී ගොස් ඇති බවද රජය පවසනවා.

වර්ථමානයේ ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96ක් පමණ අවශ්‍ය වන අතර දැනට බලවේග කට්ටල කිහිපයක හිඟතාවයක් පවතිනවා.

මේ අනුව තදාසන්න සහ දුරගමන් සේවා සඳහා යෙදවීම පිණිස බලවේග කට්ටල 5ක ප්‍රසම්පාදන කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Tags