පාඨක ලිපි
සීයාගේ දේශපාලන භූමිකාව මෙතනින් ඉවරයිද?
මෙතෙක් මා කිසිදු දේශපාලන අදහසක් ඉදිරිපත් නොකර සිදුවන සියලු දේශපාලන පෙරළි දෙස වඩාත් උවමනාවෙන් අධ්‍යයනය කර නැවත වසර කීපයකින් සිහිපත් කර බැලීම පිනිස මෙලෙස ලියා තබමි….
රැල්ලක් තුළින් අනුර කුමාර දිසානායක මහතාට පහසු ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි සෑම විටම අනුමානයක් හා සාධාරණ දෘෂ්ටියක් මෙරට තුළ විද්‍යමාන වූ නමුත් එය වඩාත් ප්‍රතිඵලදායී නොවුන ප්‍රතිඵලයක් දැක ගැනීමෙන් කනස්සලට පත්විය. මන්ද රනිල් සජිත් සුසංයෝගය එක්ව සියලු සොර බලමුළු එක්ව සටන් වැදුනේනම් අනුර මහතාට නිසැක අභියෝගයක් පවතින බව ප්‍රතිඵල තුළින් දැකගත හැක.
මෙහි වඩාත් වියවුල් සහගත කාරණය නම් කෙතරම් ජයග්‍රහණය භුක්ති වින්ද නමුත් තව දුරටත් රටෙන් හරි අඩක් විරුද්ධ පාක්ෂිකයන්ට පක්ෂව සහය දැක්වීම හා ඔවුන්ගේ මොල මෙතරම් ව්‍යසනයකදී පවා වෙනස් නොවීම ඛේදනීයය. යම් හෙයකින් පාර්ලිමේන්තු මහමැතිවරණය තුලදී සියලු සොර කඳවුරු එක්ව සටන් වැදීමට තීරණය කලහොත් පාර්ලිමේන්තුව තුළට නැවතත් පෙර හොර නඩයම පත්ව පාර්ලිමේන්තු සරල බහුතරය ඔවුන් සතු කරගැනීමෙන් නැවත නැවතත් ජනාධිපති ධූරය ක්‍රියා කිරීම පෙර පැවති මෛත්‍රී රනිල් හවුල් යහපාලන අච්චාරුවක් බවට පත්ව රට අස්ථාවර මට්ටමටකට පැමිණීම සිදුවුවහොත්, අරගලයක් තුළින් මුදාගත් මව්බිම නැවත පහලටම ඇද දැමීමට සට කපට සීයා විසින් සියලු පිඹුරුපත් සකස් කරනු ඇත.
තේරුම් ගැනීමට නොහැකි සීයාගේ පොලිටික්ස් ගේම් තුල අප සැම විට ඉත්තන් නොවීමට අනුර මහතා ජනාධිපතිධූරයට පත්වූ නමුත් මහමැතිවරණය තුළදී පෙරටත් වඩා හොඳින් සංවිධානය වී අනුර මහතා බලය තහවුරු කර ගත යුතුමය. එසේ නොවුනහොත් සිදුවන්නේ වසර කීපයකින් අස්ථාවර රටක් අස්ථාවර ආණ්ඩුවක් සහ අපේක්ෂා නොකල ගැටලුකාරී වාතාවරණයක් සීයා විසින් රට තුළ නිර්මාණය කිරීමය.
මෙරට ඇතිවූ සෑම බල පෙරලියකම සීයා කොතනක හෝ කොනක සිටි බව අවදානයෙන් දේශපාලන ක්ෂේත්රය දෙස බලන ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. මහමැතිවරණය යනු ජනාධිපතිවරණයටත් වඩා තීරණාත්මක වන්නක් ය. ඔබ මා කෙතරම් සිත නිවන ලෙස සිටියත් අපේක්ෂා කල ප්‍රතිඵලය මෙය නොවේ. සොරුන්ගේ බලය හීනව ගොස් නැත, උන් විසිර සිටිනවා පමණි.
චිත්‍රයේ ගෞරවය – සිසිල් ප්‍රනාන්දුට..
