දේශීය පුවත්
පුනර්ජනනීය බලශක්තියෙන් ලංවිම ලොකු පිම්මක්
2025 ජුනි මස වන විට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල දැනුම් දෙනවා.
එම මණ්ඩලය පෙන්වා දෙන්නේ 1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට මෙලෙස ලංකා විදුලිබල මණ්ඩලය එහි සම්පුර්ණ විදුලිබල ජනනයෙන් 70%ක් මෙම මස වන විට පුනර්ජනනීය ප්‍රභවවලින් සපුරාගෙන ඇති බවයි.
අනෙක් මසවලට වඩා ඉහළ ඉල්ලුමක් මෙම මාසයේ පෙන්වා දී ඇති තත්ත්වයක් යටතේ මෙය සම්පුර්ණ කරගෙන තිබීම සුවිශේෂියි.
මෙරට විදුලිබල සැපයුම 100%ක්ම පාහේ ජල විදුලිය මට පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලිතාප මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනයවීමක් පෙන්වන බවද විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙය ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංවිම ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කරන බවයි.
