දේශීය පුවත්
ටිරාන් අලස්ට මරණ තර්ජන
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථන ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා.
මෙම තර්ජනය සම්බන්ධව ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව සඳහන්.
පසුගිය 5 වනදා ඩුබායි හි රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලැබී තිබෙනවා.
එහිදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වනවා.
ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා සිටියදී රටින් පලාගොස් සිටින පාතාල නායකයින් හා ඊට සම්බන්ධ පුද්ගලයින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බව සඳහන්.
