සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඩඩ්ලි සුදු අරලිය හෝටලයේ වැට ගලවන්න තීරණය කරයි

සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි පිළිගන්නා බව සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ව්‍යාපාරික හමුවකදීයි.

එම ඉඩමේ වැට ගලවා දැමීමට තමන් සුදානම් බවත් අපි කවුරුවත් නීතියට යටත් විය යුතු බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.

“අපි කණ්ඩායමක් වශයෙන් මේ අවස්ථාවේදී එකතුව ගමනක් යා යුතුයි. ආණ්ඩුවට උදව් කළ යුතුයි. මම මේවා කියන්නේ සුදු අරලිය හෝටලය බේරගන්න හිතාගෙන නම් නෙවෙයි.

ඒ වගේම මම ආණ්ඩුවට කඩේ යනවත් නෙවෙයි. මැයි මාසය වෙනකන් හෝටලයේ වෙඩින් බුකින් වගයක් තියෙනවා. ඒවා ඉවර වුණ ගමන් මම ඒක කඩල අලුතින් හදනවා.”

Tags