සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

2025 පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජන 90% ක් වැඩි වෙයි

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුවේ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (20) දැනුම් දුන්නා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචාන රැස්වීමේදී මේ බව ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා.

ආයෝජන නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත්තේ 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින්ද, අපනයන ආදායම ඩොලර් මිලයන 176කින්ද වර්ධනය වී ඇති බවත්, 2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 4669ක විදේශ ආයෝජන ලබා ගැනීමට හැකි වී තිබෙන බවත්ය.

මෙරටට ආයෝජන කැඳවා ගැනීමේදී මුහුණ දෙන ගැටළු අභියෝග සහ ඊට ගත හැකි විසඳුම් සම්බන්ධව මෙම රැස්වීමේදී අවධානය යොමු කෙරුණා.

මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ රටේ ආර්ථිකය සහ ග්‍රාමීය ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීමේ කාර්යයෙහි විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැවරී ඇති බවයි.

Tags