දේශීය පුවත්
හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අද (29) උදෑසන ඔහුව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් අනතුරුවයි.
එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කළේ රෝහලෙන් බැහැර ගියද තිබෙන වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයා සිය නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිත බවයි.
නිවසේ රැඳී සිටින කාලයේ දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව පවුලේ වෛද්‍යවරුන් දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
